බොරතෙල් මිල 8% කින් පහළට

බොර තෙල් බැරලයක මිල ඊයේ (14) දින 8% කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ යුක්රේනය හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් හේතුවෙන් දෙරට අතර ඔවුන්ගේ ගැටුම අවසන් කළ හැකි බව පෙනෙන්නට ඇති හෙයින් ගෝලීය සැපයුම් ඉහළ නංවන අතර මෙලෙස බොර තෙල් මිල පහත වැටුණු බවයි.

බ්‍රෙන්ට් මිල ගණන් අනුව බොරතෙල් බැරලයක් ඩොලර් 104.03 දක්වා ඩොලර් 8.64 එනම් 7.7% කින් පහත වැටී තිබෙනවා.

WTI (West Texas Intermediate) බොරතෙල් බැරලය ඩොලර් 8.74 ක් හෙවත් 8.0%කින් පහත ගියේ බැරලයක මිල ඩොලර් 100.59 ලෙස සටහන් කරමිනුයි.

පසුගිය පෙබරවාරි 24 රුසියානු යුක්රේන අර්බුදය ඇරඹීමෙන් පසු බොර තෙල් බැරලයක මිය වසර 14ක ට පසුව දළ වශයෙන් 34% කින් ඉහළ ගියා.

POPULAR

Recent articles