පාඩු ලබන තෙල් සංස්ථාවට රුපියල් ලක්ෂ 500ක CCTV

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව වාර්තා වෙනවා. ඒ සංස්ථාව වාර්ෂිකව පාඩු ලබමින් සිටියදී යි.

මේ වන විටත් සංස්ථාව පිහිටි ගොඩනැගිල්ලට සවිකර ඇති ආරක්ෂක කැමරා යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් තිබියදී අලුතින් මෙම කැමරා සවිකර තිබෙන බවයි කියන්නේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබමින් ඉන්ධන ලබා ගැනීම සඳහා බරපතල මුදල් හිඟයකට මුහුණ දී ඇති අවස්ථාවක ආරක්ෂක කැමරා සවි කිරීමට මෙම මුදල වැය කර තෙබීම විශ්මයට කරුණක් බව එහි සේවකයන් පවසනවා.

සංස්ථාව පිහිටි දෙමටගොඩ, තට්ටු පහක ගොඩනැගිල්ල පුරාම ආරක්ෂක කැමරා සවි කර ඇති අතර නිලධාරින්ගේ කාමරවලට තාක්ෂණිකව ඉහල තත්වයේ ආරක්ෂක කැමරා සවිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

POPULAR

Recent articles