Home Blog Page 148

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විදෙස් නාලිකා මෙරට විකාශනයන් නවතා දමයි

0

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විදෙස් රූපවාහිනී නාලිකාවලට මුදල් ගෙවීමට නොහැකි බව වාර්තා වෙනවා. මේ හේතුව නිසා ඇතැම් විදෙස් නාලිකා මෙරට විකාශනයන් තාවකාලිකව නවතා දමා තිබෙන බව කියනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් වෙත අයත් PeoTV සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයින් වෙත මේ බව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් සිය විකාශ කාලය අතර තුර දී අද (31) දැනුම් දී තිබුණා. ඔවුන් පවසන්නේ “විදෙස් මුදල් සංක්‍රාම සිදු කිරීමේදී මුහුණ පෑමට සිදුවී ඇති අපගේ පාලනයෙන් බැහැරව පවත්නා දුෂ්කරතා හේතුවෙන් නාලිකා හවුල්කරු විසින් මෙහි විකාශන කටයුතු තාවකාලිකව නවතා දමා ඇත” යනුවෙනි.

අප්‍රේල් 03 නිර්පාක්ෂික විරෝධයට දේශපාලඥයින්ගේ අත පෙවීම ගැන ජනතා අප්‍රසාදය

0

දේශපාලන පක්ෂ භේදයකින් තොරව අප්‍රේල් 03 වන ඉරිදා රට පුරා නිර්පාක්ෂික මහජන විරෝධතාවක් පැවැත්වීමේ සූදානමක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා.

මේ සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් තම සහය පළ කරන බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටු හරහා දන්වා තිබුණ ද ඊට මහජනතාවගේ දැඩි විරෝධයක් මතුව තිබෙන බව දක්නට ලැබෙනවා.

ජනතාව පවසන්නේ දේශපාලන පක්ෂ භේදයකින් තොරව පැවැත්වෙන නිර්පාක්ෂික මහජන විරෝධතා සඳහා දේශපාලඥයින් සම්බන්ධ කර නොගත යුතු බවයි.

මේ පිළිබඳ පළ වූ සමාජ මාධ්‍ය පළකිරීම් කීපයක් –

විදුලි කප්පාදුවෙන් අන්තර්ජාල සේවාවන්ට බාධා

0

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සපයන ජංගම දුරකථන සමාගම් කිහිපයකම 3G සහ 4G සේවාවන් බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

දීර්ඝ විදුලි කප්පාදුව හා විදුලි ජනන යන්ත‍්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන හිඟය හේතුවෙන් සන්නිවේදන කුළුණු නිසි ලෙස ක‍්‍රියා නොකිරීම මෙම තත්වයට පත්වූ බවයි කියන්නේ.

සමාගම් කිහිපයකම මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර ඒ හේතුවෙන් අන්තර්ජාල සේවා සහ ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට පත්ව සිටින බව කියනවා.

මේ සමඟම චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ මෙරට විකාශනය කරන ලද විදෙස් නාලිකා කිහිපයක්ම සිය සේවා නවතා දමා ඇත්තේ මෙරට විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බව වාර්තා කෙරෙනවා.

“ඇමතිවරුන්ට අස්වන ලෙස බල කළ යුතුයි” – විමල් වීරවංශ

0

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස මැති ඇමතිවරුන්ට ජනතාව බල කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු කියා සිටින්නේ වත්මන් ආණ්ඩුව අඳුරු ඉරනමකට ඇද වැටී ඇති බවත් එවැනි ආණ්ඩුවකට රටක් බේරාගත නොහැකි බවයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරනු ලැබුවා.

දෙහිවල සත්වෝද්‍යානය තුළ සත්ව බිත්තර හා සත්ව ජාවාරමක්

0

දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට බරපතල බරපතල අර්බුදයකට ලක්ව ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිදුවන බරපතල අක්‍රමිකතා පිළිබඳ සොයා බලමින් ඊට අදාළ පරීක්ෂණ වාර්තා වලට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තමන් කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට තමන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සමාජිකයින් කැරැල්ලක් අරඹා ඇති බව ඇය සඳහන් කරනවා.

මේ සඳහා විෂය භාර අමාත්‍ය සී. බී. රත්නායක සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද සෘජුවම සහය පළ කරන තත්ත්වයකට පත්ව ඇති බව ඇය කියනවා.

දෙහිවල සත්වෝද්‍යානය තුළ මේ වනවිට රුපියල් මිලියන ගණනක මුල්‍ය වංචාවන් මෙන්ම සත්ව බිත්තර සහ සත්ව ජාවාරමක් ද ක්‍රියාත්මක බව ඇය අනාවරණය කරනවා. අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ සඳහන් කරන්නේ මෙම තොරතුරු පිළිබඳ කරුණු සොයා බැලීම සහ අනාවරණය කිරීම හේතුවෙන් තමන්ව මරා දැමීම සඳහාද දේශපාලඥයින් විසින් ඇතැම් කණ්ඩායම් උසිගන්වන තත්ත්වයකට පත්ව ඇති බවයි.

අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසන්නේ මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විවිධ ආයතන සඳහා පත්කරන ලද වියත්මග සමාජිකයන්ට සැලසුම් සහගතව පහර දී ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමේ කිරීමේ උත්සාහයක් පවතින බවයි. ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඇය කියනවා.

හෙට (31) සිට තේ වතුවල වැඩ සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර

0

විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ කිරිම හා සිය තේ වතුවලට අවශ්‍ය ඩීසල් නොමැතිවීම හේතුවෙන් හෙට (31) සිට තේවතුවල දෛනික වැඩකටයුතු සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බව වතු අධිකාරිවරුන් පවසනවා.

වතු අධිකාරිවරුන් පවසන්නේ විදුලිය කප්පාදු කෙරෙන අවස්ථාවලදී තේ කර්මාන්තශාලාවන්හි තේ කුඩු නිෂ්පාදනය සඳහා විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ඩීසල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය බවයි. එමෙන්ම තේ දළු ප්‍රවාහනයේ සිට තේ කොළ නිෂ්පාදනය දක්වා විදුලිය අත්‍යවශ්‍ය වනවා.

නියමිත වේලාවට තේ කුඩු නිෂ්පාදනය කිරීමට නොහැකිවුවහොත් කර්මාන්තශාලාවේ යන්ත්‍රවල තිබෙන අමු තේ දළු සම්පූර්නයෙන් විනාශ වන බව වතු අධිකාරිවරුන් පෙන්වා දෙනවා.

එමෙන්ම තේ දළු නිසි වේලාවට නෙළීමට නොහැකිවුවහොත් දළු අධික ලෙස වර්ධනය වීමෙන් එම දළු ඉවත් කිරීමට ද සිදුවන බව වතු අධිකාරිවරුන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් තේ කර්මාන්තශාලාවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ (CWC) නායකත්වය සෙන්දිල් තොණ්ඩමන්ට

0

ලංකා කම්කරු කොන්ග්‍රසයේ (CWC) නායකත්වයට ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකුව සිටි සෙන්දිල් තොණ්ඩමන් පත්කර තිබෙනවා.

ඔහු දැනට එම පක්ෂයේ සභාපතිත්වය දරන රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ ඥාති සොහොයුරෙකු වෙනවා.

ලිට්‍රෝ යළිත් මිල වැඩි කිරීමට අවසර ඉල්ලයි

0

යළිත් ගෑස් මිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.

මේ අතර අද (30) දිනයේද දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් පෝලිම් දක්නට ලැබුණා.

ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත තවත් නෞකාවක් ඊයේ (29) රාත්‍රියේ දිවයිනට සේන්දු වූ බවත් එහි ගෑස් ගොඩබෑම අද (30) සිදු කරන බවත් ලිට්ට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටිනවා.

ඊයේ (29) දිනයේ ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 10,000 ක් වෙළඳපොළට නිකුත් කළ බව එම සමාගම ප්‍රකාශ කරනවා.

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

0

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දුන් MQM පක්ෂය විශ්වාසභංගයේදී විපක්ෂයට සහය දීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ඊයේ (29) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බුදයකට ඇද දමා ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග යෝජනාව එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර අතර දින 7 ක් තුළ ඡන්දය විමසීම ද කළ යුතු වනවා.

එරට විපක්ෂ නායකවරයා ඊයේ (29) පස්වරුවේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ තිබූ විශ්වාසය බිඳ වැටී ඇති බවයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමයෙන් පොලීසියට ජීප් 750ක්

0

ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාවට සපයන සේවාව කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී අත්සන් කර තිබෙනවා.

මෙම ජිප් රථ ලබාදීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර අගෝස්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද, සැප්තැම්බර් මස අවසානයට පෙර ජිප් රථ 250ක් හා 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද ලබාදීම මෙම ගිවිසුම අනුව සිදුවනවා.

මෙම ජීප් රථවල මුළු වටිනාකම බිලියන බිලියන 2.5 කි.

කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා ත්‍රීවිල් රථ 2000 ක්, ජපන් ආධාර යටතේ ජිප් රථ ඇතුළු වාහන 72ක් හා යතුරුපැදි 150 ක් ලබා දී තිබෙනවා.