”බදු වැල්බදු වෙලා” – අනුර කුමාර දිසානායක

වැට් බද්දත් යෝජිත නව බද්දත් එකතු වූ විට වැල් බද්දක් බවට පත්වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේදී ”සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද” නමින් නව බද්දක් පැනවීම සම්භන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙම බද්දට විරුද්ධ බව සටහන් කරගන්නා ලෙස කතානායක වරයාගෙන් ඉල්ලීමක්ද සිදු කළා.

15% දක්වා ඉහළ දමා තිබෙන වැට් බද්දට යෝජිත නව බද්ද එකතු වූ විට වැල් බද්දක් බවට පත්වන බව බව ජාතික ජන බලවේගයේ නායකයා පවසනවා. එය ජනතාවට කිසිසේත් දරා ගත නොහැකි බවයි ඔහු පවසන්නේ. මහ බැංකුවේ සංචිත හින්දවූ, මහා භාන්ඩාගාරයට ලැබෙමින් තිබූ ආදායම් කපා දැමූ, පොහොර ආනයනයේදී විශාල වන්දියක් ගෙවීම ඇතුලුව ආර්ථිකය බිඳ දැමීමට වගකිය යුතු වූවන් සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

ආණ්ඩුව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නැවත නැවතත් සාමාන්‍ය ජනතාව මත බර පැටවීමේ උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටින බවට මන්ත්‍රී වරයා චෝදනා කරනවා.

POPULAR

Recent articles