“විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි පුද්ගලයින් ආණ්ඩුවේ ඇමති ධුර මෙහෙයවීම ගැන ලැජ්ජයි” – තිස්ස කුට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ තරමට හෝ ආරක්ෂා වී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරනු ලැබුවා.

කුමන ආමාත්‍යවරයෙක් ඉවත් කළත් කුමන තීන්දුවක් අරගත්තත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස තමන් ඇතුළු කණ්ඩායම බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සමඟ සිටින බවට එහිදී ප්‍රකාශ කළ බව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත සඳහන් කර සිටිනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි පුද්ගලයින් ආණ්ඩුවේ ඇමති ධුර මෙහෙයවීම සම්බන්ධයෙන් ලැජ්ජා වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

POPULAR

Recent articles