28 C
Colombo
Monday, June 21, 2021

ක්‍රිකට් වලට පරිපාලන කමිටුවක්

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි පරිපාලනය කටයුතු සිදු කිරීම සඳහා සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත් කළමනාකරණ කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිලධාරීන්ගේ නිල කාලය මේ මස 5 වැනිදා අවසන් වන අතර, 6 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම කමිටුව පත් කර ඇත. කමිටුව ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් වලංගු වනු බවයි පැවසෙන්නේ.

මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුවට ඈෂ්ලි ද සිල්වා (ලේකම්), සුජීව මුදලිගේ (භාණ්ඩාගාරික), නීතිඥ උචිත වික්‍රමසිංහ (කමිටු සාමාජික) මහත්වරුන් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා නීරික්ෂකවරයකු ලෙස ඇතුළත් කර තිබේ.

මෙම පත්කිරීම් වලට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත. මැයි මස 20 වැනිදා දක්වා සැලසුම් කර ඇති සංවර්ධන කාර්යයන් සඳහා පමණක් වන වියදම් සහ අත්‍යවශ්‍ය පරිපාලනමය වියදම් හැර වෙනත් කිසිදු වියදමක් දැරීමට මේ කමිටුවට බලය නැති බවයි සඳහන් වන්නේ. එවැනි යම් අවශ්‍යතාවක් වේ නම් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය ගතු යුතු බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වෙන අතර, ඒ වන තෙක් ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදුකරන්නේ මේ කමිටුව විසිනි.

- Advertisement -

More articles

- Advertisement -

Latest article