23 C
Colombo
Wednesday, December 8, 2021

T20 ලෝක කුසලානයේ පළමු තරඟයෙන් ඕමානයට ජය

Must read

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ඕමානයේ සත්කාරකත්වයෙන් ඊයේ (17) ඕමානයේ අල් අමීරත් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ඉහළ නිලධාරීන්, සත්කාරක ඕමානයේ සම්භාවනීය අමුත්තන්, ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ඊට එක් වී තිබෙනවා.

තරඟාවලියේ පළමු වටය හෙවත් සුදුසුකම් ලැබීමේ වටය ආරම්භ කරමින් සත්කාරක ඕමානයට එරෙහිව පැපුවා නිව්ගිනියා කණ්ඩායම තරඟ කළ අතර එහිදී සත්කාරක ඕමානය කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3 ලකුණු 81දී බිඳ වැටුණු අතර ඕමානයේ පිළිතුරු ඉනිම ආරම්භක කළ අකීබ් ඉල්ලියාස් සහ ජටින්දර් සිං අතර පළමු කඩුල්ලේ නොබිදුනු සබඳතාව ලකුණු 131ක් ලෙස සටහන් කිරීමට සමත් වුණා.

ඔවුන් පන්දුවාර 13යි පන්දු 4කදී කිසිවෙක් නොදැවී තරඟයේ ජය තම සතු කරගනු ලැබුවා.

කෙසේ වුවද 2014 වසරේදී 20යි 20 ලෝක ශූරයින් බවට පත්ව, අවස්ථා දෙකකදී අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ද මෙවර තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ තරඟ වටයට සහභාගී වීමට සිදුව තිබෙනවා.

ඒ අනුව සුදුසුකම් ලැබීමේ තරඟ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය නැමීබියාවට එරෙහිව අබුඩාබිහිදී අද (18) පැවැත්වීමට නියමිත වනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article