29 C
Colombo
Tuesday, October 19, 2021

ශ්‍රී ලංකා පාපන්දු වීරයන් දිවයිනට

Must read

මාලදිවයිනේ පැවති දකුණු ආසියානු පාපන්දු තරඟාවලියට එක්වූ සුජාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (12) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ක්‍රීඩා විචාරකයින් පවසන්නේ මෙවර තරඟාවලියේදී කලකට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දස්කම් දක්නට ලැබුණු අතර නායක සුජාන් පෙරේරාගේ දැල් රැකීම විශිෂ්ට මට්ටමක පැවති බවයි.

කෙසේ වුවද මෙම තරගාවලියේදී අනුමත කළ නොහැකි විනිසුරු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකා පිලට යම් අසාධාරණකම් වලටද මුහුණ දීමට සිදු වූ බව වාර්තා වනවා.

වසර 18 කට පසුව ඉන්දියාව සමග පැවති තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට මෙවර ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හැකිවීම විශේෂත්වයක්.

පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 107වන ස්ථානයේ පසුවන ඉන්දියාවට ගෝල රැස් කිරීමට අවස්ථාව ලබා නොදී එම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය පරාජයෙන් තොරව අවසන් කිරීම මෙම තරඟාවලියේදී කැපී පෙනුනා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article