29 C
Colombo
Tuesday, October 19, 2021

පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Must read

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු නිල පුහුණු තරඟයෙන් ඔවුන් බංගලාදේශයට එරෙහිව කඩුලු 4ක ජයක් වාර්තා කර තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට බංගලාදේශය තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී සෞම්‍ය සාකාර් ලකුණු 34ක්, ලිටොන් දාස් ලකුණු 16 ක් සහ මහෙදි හසාන් නොදැවී ලකුණු 16 ක් ලබා ගනු ලැබුවා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග හා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 62 ක් හා චාමික කරුණාරත්න ලකුණු 29ක් රැස් කරගැනීමට සමත් වූණා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article