29 C
Colombo
Tuesday, October 19, 2021

වායු දූෂණය අවම කිරීමට විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ ආනයනයට අවධානය

Must read

මෙරට වායු දූෂණය අවම කිරීමේ අරමුණින් විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ අනුව ඉදිරි කාලය තුළ වාහන ආනයනය කිරීමට රජය කටයුතු කිරීමේදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.

දේශගුණික විපර්යාස සඳහා විසඳුම් ලබා දෙන හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ රාජ්‍ය අමාත්‍ය අනුකමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබි ඇති අතර මගී ප්‍රවාහනය සඳහා විදුලි බලයෙන් ක්‍රියාකරන, පහත් පතුල් සහිත බස් රථ යොදා ගැනීම කෙරෙහි ද රජය අවධානය යොමු කර ඇති බවයි.

මේ වන විට පුද්ගලික අංශය මගින් විවිධ ස්ථානවල විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 400ක් පමණ පිහිටුවා ඇති අතර එම සංඛ්‍යාව තවත් 350 කින් හෝ ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article