29 C
Colombo
Tuesday, October 19, 2021

කොවිඩ් රෝගීන් කළමනාකරණයට SMS ක්‍රමවේදයක්

Must read

බස්නාහිර පළාත තුළ සිටින කොවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ රෝග තත්ත්වයන් අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීම කළමනාකරණය සඳහා SMS සහ දුරකථන ඇමතුම් හරහා නව ක්‍රමවේදයක් අද (19) සිට හඳුන්වා දී තිබෙනවා.

මෙ⁣හිදී කළ යුතු වන්නේ කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් පුද්ගලයින්ගේ පහත තොරතුරු 1904 යන දුරකථන අංකයට SMS පණිවුඩයක් යොමු කිරීමයි.

එමෙන්ම මෙම SMS පණිවුඩය යොමු කිරීමේදී රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණ තුනක් යටතේ දක්වා තිබෙනවා.

  1. ස්වසන අපහසුතා ඇති රෝගීන් – A
  2. උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් – B
  3. කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් – C

SMS පණිවුඩය යොමු කළ යුතු ආකාරය:

රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණය (A,B,C) {Space} වයස {Space} ජා.හැ.අ. {Space} ලිපිනය

(උදා. A 71 507990532V නො.12, ගාලු පාර, අලුත්ගම)

මෙලෙස ලැ⁣බෙන තොරතුරු අදාළ වෛද්‍ය කණ්ඩායම් වෙත යොමු කර, දුරකථන අංක 247 මගින් සම්බන්ධ වී රෝග තත්ත්වය නිශ්චය කර ගැනීමටත්, ඒ අනුව ගිලන් රථ මඟින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට හෝ නිවෙස් නිරෝධායනයට යොමු කර 1390 දුරකථන අංකය ඔස්සේ වෛද්‍ය සේවා ලබා දීමටත් කටයුතු සිදු කෙරෙනවා.

අදාළ නිවේදනය –

- Advertisement -

More articles

- Advertisement -

Latest article