පාස්කු දින ප්‍රහාරය පොලිසියේ ප්‍රකාශ වලට එකඟ නැහැ

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සිදුකළ විමර්ශන අවසන් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වැබ) අජිත් රෝහණ මහතා සිදුකළ ප්‍රකාශයට තමන් එකඟ නොවන බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් තවමත් විමර්ශනයන් සිදුකරගෙන යන බවයි.
සිද්ධීන් 09කට අදාළව මේ වන විටත් සැකකරුවන් තිස්දෙදෙනෙකුට මහාධිකරණ 09ක නඩු ගොනු කර තිබෙන බව පොලිසිය කියනවා. ඉතිරි විමර්ශන කටයුතු 08ත් අවසන් කර සැකකරුවන්ට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version