28 C
Colombo
Monday, June 21, 2021

නීතිපති කියන දේ මට තේරෙන්නේ නැහැ

Must read

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා කරන ප්‍රකාශය සිදු කිරීමේ හේතුව කුමක්ද යන්න තමන්ට තේරුම් ගත‍ නොහැකි බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා කියනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලට අදාලව උධෘත 08 ක් මීට මාස කිහිපයකට ඉහතදී නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත්, එසේ තිබියදී අවසන් මොහොතේදී නීතිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ හේතුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

පොලීසිය විමර්ශනවලට අදාල කාර්යභාරය අවසන් වී ඇති බැවින්, දැන් තිබෙන්නේ ඉන් ඉදිරියට අපරාධ චෝදනා ගොනු කිරීම ඇතුළු කටයුතු බවයි ඇමතිවරයා කියන්නේ. වත්මන් නීතිපතිවරයාගේ විශ්‍රාම යාම එම කටයුතු සඳහා කිසිම බාධාවක් නොවන බවයි ඔහු කියන්නේ. සෙසු නිළධාරීන් සියලු දෙනා ඉදිරියටත් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින බැවින් එම කටයුතු අඛණ්ඩව ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

වත්මන් නීතිපතිවරයා වන දප්පුලද ලිවේරා මහතා මැයි මස අගදී විශ්‍රාම යාමට නියමිතයි. එසේ තිබියදී ඔහු ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ තම ධුර කාලය තුළදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි වනු ඇති බවයි.

- Advertisement -

More articles

- Advertisement -

Latest article