28 C
Colombo
Monday, June 21, 2021

ගම්පහ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක්

Must read

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොවිඩ් වසංගත අවදානමක් මතුව ඇතැයි පවසනවා.

දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිස්ත්‍රික්කවල මෙන්ම දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බවයි ඔවුන් කියන්නේ. සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතායි මේ බව පවසන්නේ.

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියන්නේ විශේෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේ දී අපේක්‍ෂා කරන බවයි. මේ වන විට වසංගතයේ උච්චතම අවස්ථාවකට රට පත්ව ඇතැයි කියූ ඔහු, ඉදිරි සති කිහිපයේදී තවදුරටත් රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව පවසනවා. මේ දිනවලදී පනවනු ලබන සංචරණ සීමාවල ප්‍රතිඵල ලැබීමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බවත් ඔහු කිව්වා. සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම තමන්ගේ උපරිම ධාරිතාවයෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බව පවසන සංගමයේ ලේකම්වරයා එය ඉක්මවා ගියොත් ඉදිරියේ දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිවිය හැකි බව අවධාරණය කරනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article