28 C
Colombo
Monday, June 21, 2021

එන්නත් හිඟයි – ඉන්දියාවේ සීරම් සමාගම

Must read

කොවිඩ් 19 වෙනුවෙන් දෙනු ලබන එන්නත් හිඟය ලබන ජුලි මාසය වනතෙක් පවතින බව එන්නත් නිෂ්පාදක වන සීරම් සමාගම කියනවා.

සමාගමේ ප‍්‍රධාන විධායක ආදර් පුනවල්ලා නිවේදනය කරන්නේ ලබන ජූලියේ සිට මසකට එන්නත් මිලියන 60 – 100ත් අතර ප‍්‍රමාණයක් නිකුත් කිරීමට තම ආයතනයට හැකිවනු බවයි.සිරම් ආයතනය විසින් මේ වන විටත් ඔක්ස්ෆර්ඞ් – ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කරයි.

ඉන්දියාව තුළ වර්ධනය වෙමින් පවතින කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය නිසා ඉහළ එන්නත් ඉල්ලුමක් ඇතිවිය. ඉන්දියාව පුරාම ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන් විසින් මෙම එන්නත් ඉල්ලා කරනු ලැබූ බලපෑම හේතුවෙන් පුනවල්ලා මීට දින කිහිපයකට පෙර එංගලන්තයට පළාගිය බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.ඔහු යලිත් ඉක්මනින්ම යළි ඉන්දියාවට පැමිණෙන බව සීරම් සමාගම කියනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article