28 C
Colombo
Monday, June 21, 2021

මෝදිට එරෙහිවූ තරුණයෝ අත්අඩංගුවට

Must read

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් පෝස්ටර් ඇලවු පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරටින් වාර්තා වෙනවා.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමිනුයි අදාළ පෝස්ටර් ප්‍රසිද්ධ ස්ථානවල අලවා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සියලුදෙනා අවුරුදු 20 -25 යන වයස්වල පසුවන තරුණයින්. කොවිඩ් පාලනය සඳහා දුර්වල තීරණ ගෙන ඇති බවට චෝදනා කරමින් ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිට පාර්ශව රැසක් දෝෂාරෝපණය කරමින් සිටිනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article