23 C
Colombo
Wednesday, December 8, 2021

අදත් රටපුරා ගොවි විරෝධතා

Must read

වී වගාව ඇතුළු වගාවන්ට පොහොර දෙන්නැයි ඉල්ලා අද (19) දිනයේදීත් දිවයිනේ නගර රැසක දැවැන්ත විරොධතා රැසක් පැවැත්වුණා.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධායේ මෙහෙයවීමෙන් පාගමනක් හා විරෝධතාවක් පැවැත්වුයේ පොලොන්නරුව නගරයේදී යි,

පොලොන්නරුව රෝහල් හන්දිය අසලින් ආරම්භ වූ එම පා ගමන දිප උයන දක්වා පැමිණ විරෝධතාවයක නිතර වූ අතර මේ හේතුවෙන් හබරණ මඩකළපුව මාර්ගය ගමනාගමනයටද බාධා එල්ල වුණා.

මහවැලි H කලාපයට අයත් ගොවී සංවිධාන 20ක ගොවීන් පිරිසක්ද අද (19) තලාව නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරනු ලැබුවා.

තලාව ජයගඟ හන්දියෙන් ආරම්භ කළ එම උද්ඝෝෂණය තලාව නගරයට පැමිණි අතර මහවැලි H කලාපයට අයත් ගොවි සංවිධාන විස්සක ගොවි මහතුන් හා අහස් දියෙන් ගොවිතැන් කරන ගොවීන් පිරිසක් ද ඒ සඳහා සහභාගි වී සිටියා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article