23 C
Colombo
Wednesday, December 8, 2021

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Must read

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා වූ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව සනාථ නොකළ ආරංචි මාර්ග සඳහන් කරනවා. ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන 1971 දී ආරම්භ කරන ලද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වර්තමාන සභාපති ධුරයට පත්වූයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ කාලයේ යි.

මෙම ඉල්ලා අස්වීම පිළිබඳව තහවුරු කර ගැනීමට විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ජංගම දුරකථනය වෙත කිහිපවරක් ඇමතුම් ගත්තද එයින් පිළිතුරක් නොලැබුණි.

ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වල්ල සමඟ ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි යන දෙදෙනාම ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බවයි.

- Advertisement -

More articles

- Advertisement -

Latest article