23 C
Colombo
Tuesday, December 7, 2021

මිනිබිරිය නිසා විශ්‍රාම යන්න බෑ කියන විදුහල්පතිනියක්

Must read

විශ්‍රාම යාමෙන් පසුවත් තනතුරේ රැඳී සිටීමට කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් වූ විශාඛා විදුහලේ විදුහල්පතිනිය කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වසරේදී අවුරුදු 60 ඉක්මවන මෙම විදුහල්පතිනිය තවත් මාස කිහිපයකට හෝ සේවා දීර්ඝයක් ලබා ගැනීමට උත්සහ ගනිමින් සිටින්නේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ කාලසීමාව ‘අතිශයින් වැදගත්’ වන නිසා පමණක් නොව මෙවර තමන්ගේ මිනිබිරියක්ද පාසලට ඇතුළත් කර ගැනීමට සිටින නිසා බවයි වාර්තා වන්නේ.

තමන්ගේ අරමුණ වෙනුවෙන් පාසලේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය මේ සඳහා මැදිහත් කර ගෙන සිටින එම විදුහල්පතිනිය කෙසේ හෝ එම සංගමය හරහා තමන්ට සේවා දිගුවක් ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබෙන බවයි අනාවරණය වන්නේ. එහෙත් එම ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශය ද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.

2009 මාර්තු මාසයේදී විශාඛා විදුහල්පතිනිය ලෙස පත්ව ආ ඇයගේ එම විදුහලේ විදුහල්පතිනිය ලෙස සේවා කාලය වසර 13ක් වෙනවා. සාමාන්‍යයෙන් වසර 10ක උපරිම සේවා කාලයකට වඩා එක පාසලක සේවය කිරීමට ඉඩ නොදෙන ප්‍රතිපත්තියද ඉක්මවා ඇය වසර 3ක් වැඩිපුර සේවය කර තිබෙනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article