29 C
Colombo
Tuesday, October 19, 2021

“ශ්‍රී ලංකා හමුදාවේ කොවිඩ් කළමනාකරණය විශිෂ්ටයි” – ඉන්දීය යුද හමුදා ප්‍රධානී

Must read

පස් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවනේ මහතා අද (13) පෙරවරුවේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඒ බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදි යි.

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාව සහා ඉන්දීය යුද හමුදාව අතර පවතින සුහද සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව දෙරටේ හමුදා ප්‍රධානීන් විසින් සාකච්ඡා කර තිබෙනවා.

සාකච්ඡාවෙන් පසු දෙරටේ හමුදා ප්‍රධානීන් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණ.

ඉන්දීය යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන එහිදී කියා සිටියේ ශ්‍රී ලංකා නිලධාරීන් සහා පුහුණු නිලධාරීන් ඉන්දීය පුහුණු පාසල් තුළ පාඨමාලා හැදැරීම ඉන්දියාවට ගෞරවයක් බවයි.

”පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙකක තෝරා පත්කරගත් මහජන නියෝජිතයින් අතර පවතින ගුණාත්මක සබඳතා ඒ හා සමාන ආකාරයෙන් දෙරට අතර හමුදාවන් තුළ ද පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාවේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් සමග අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිලධාරීන් සහා පුහුණු නිලධාරීන් අපගේ පුහුණු පාසල්වල පාඨමාලා හැදැරීම අපිට ගෞරවයක්. කොවිඩ් 19 කාලය තුලදී අප සැමවිටම එකිනෙකා සමග සම්බන්ධතා පැවැත්වුවා. ඒ වගේම කොවිඩ් කළමනාකරණය සම්බන්ධයෙන් අපි අදහස් හුවමාරු කරගත්තා. ශ්‍රී ලංකා හමුදාව කොවිඩ් කළමණාකරනය ඉතා විශිෂ්ට ලෙස පවත්වාගෙන යනවා” යැයි ඔහු වැඩි දුරටත් කියා සිටියා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article