29 C
Colombo
Tuesday, October 19, 2021

ජායාරූපයක් නිසා නීති විරෝධී මෝර මසුන් ඇල්ලීමේ ජාවාරමට විෂයභාර ඇමතිගේ අවධානය

Must read

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකෙරන බවට චෝදනා එල්ලවන නීති විරෝධීව මෝර මසුන් ඇල්ලීමේ ධිවර කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට වහාම පියවර ගත් බව ධීවර වරාය සංවර්ධනය, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ජායාරූපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ මේ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ කණ්ඩායමක් ත්‍රිකුණාමලය බලා පිටත්ව ගොස් ඇති බවයි.

වඳවී යාමේ තර්ජණය හේතුවෙන් මෝර මසුන් වර්ග කිහිපයක් ඇල්ලීම (පන්න) තහනම් කිරිමට ධිවර අමාත්‍යාංශ්‍ය නියෝග කරනු ලැබුවේ මිට වසර ගණනාවකට පෙරයි.

- Advertisement -

More articles

- Advertisement -

Latest article