29 C
Colombo
Tuesday, October 19, 2021

“රජයට වඩා පාරිභෝගිකයෝ අපිට වැදගත්” – ලාෆ් ගෑස් සමාගමේ සභාපති

Must read

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ රජයට වඩා ඇත්තේ තමන්ට බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති, ඩබ්.කේ.එච් වෑගපිටිය මහතා පවසනවා. ගෑස් සමාගම් සමග ක්‍රියාත්මක වී තිබු මිල සුත්‍රය ක්‍රියාත්මක කළේ නම් එකවර විශාල ගණනකින් මිල ඉහළ දැමීමට සිදුනොවන බවද වෑගපිටිය මහතා කියා සිටිනවා.

අද (12) උදෑසන පුද්ගලික නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ලාෆ් ගෑස් මිල ගණන් ඉහළ දැමීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

වෑගපිටිය මහතා කියා සිටියේ දියුණු වෙළෙඳපොළක් ඇති ආර්ථිකයක් නම් සැපයුම හා ඉල්ලුම මෙන්ම පාරිභෝගිකයා හා වෙළෙන්ඳා අතර ඇති ගනුදෙනුව මත වෙළෙඳපොළ ක්‍රියාත්මක වීමට ඉඩදිය යුතු බවයි.

“අපිට ඇත්තටම රජයට වඩා පාරිභෝගිකයෝ අපිට වැදගත්. ඒ වගේ අපි පාරිභෝගිකයා ගැන හිතනවා. ඇත්තට ම ගෑස් මිල වැඩි ද? නැහැ. 2014 දී ලෝක වෙළෙඳපොළේ මිල ඇ.ඩො 780ක් තියෙන වෙලාවේ ලංකාවේ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු 2,340යි. ඊට පස්සේ අවස්ථා 8ක දී ක්‍රමානූකූලව බලහත්කාරයෙන් මිල අඩුකරා. ඒ ඡන්දේ ඉලක්ක කරගෙන. ජනාධිපතිවරණයට කලින් රු 250ක් අඩුකරා. කිට්ටු වෙලා 200ක් අඩුකරා. ඊට පස්සේ තව රු 250ක් අඩු කරා. ඒ කියන්නේ වෙළෙඳපොළේ පිරිවැය පිළිබඳ තියෙන සංඝටක සම්පුර්ණයෙන් අමතක කරලා වෙනත් ඉලක්ක නිසා මේ අඩු කිරීම කළා. ඇත්තටම මීට කලින් මේ සමාගම් එකක් එකතු වුණ මිල සුත්‍රයක් තිබුණා. ඒ මිල සුත්‍රය ක්‍රියාත්මක වුණා නම් මේ එක පාරට ෂොක් එකක් දෙන්න වෙන්නේ නෑ. රු 200 – රු 300 වැඩි කරලා අඩු කරන්නත් පුළුවන්කම තිබුණා. ඇත්තටම විය යුත්තේ දියුණු වෙළෙඳපොළක් ඇති ආර්ථිකයක සැපයුම හා ඉල්ලුම මත පාරිභෝගිකයා හා වෙළෙන්ඳා අතර වෙළෙඳපොළ මිල තීරණය කිරීමට ඉඩ දිය යුතුයි.” ලෙස වෑගපිටිය මහතා පැවසුවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article