29 C
Colombo
Tuesday, October 19, 2021

නැවත වගාකරන්න යැයි කියා හෙක්ටයාර් 100ක කැලයක් කපයි

Must read

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රක්ෂිත වනාන්තර පද්ධතියට අයත් පුත්තලම හා කරුවලගස්වැව පිහිටි කැලෑ පද්ධතියෙන් හෙක්ටයාර් 100 ක භුමියක් සම්පූර්ණයෙන් කපා නැවත වන වගාවකට සැරසෙන බව පරිසරවේදීහු චෝදනා කරනවා.

පුත්තලම සෙල්ලකන්දල් හා කරුවලගස්වැව මුරුක්කුවටවන පිහිටි හෙක්ටයාර් 100 කට ආසන්න භූමියක ස්භාවික රක්ෂිත වනාන්තර පද්ධතිය ජනතා සහභාගිත්වයෙන් මෙසේ කපා දමා තිබෙනවා. අදාල රක්ෂිත තුළ පිහිටි බුරුත,කළුවර,මී,ඉගිනි, කොහොඹ , වීර , ඇතුළු ශාක වර්ග කපා ගිනි තබා ඩෝසර් කරමින් ඇති බවත් එම පරිසර පද්ධතිය තුළ ස්භාවිකව ඇති වනාන්තරය මෙසේ වනසා නැවත කායා , කොහොඹ සිටුවීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වනවා.මෙම රක්ෂිත වනාන්තර පද්ධතිය වැනසීමත් සමග අලි මිනිස් ගැටුම තවත් උග්‍ර අතට පත්වීමේ අවධානමක්ද ඇති බව ජනතාව චෝදනා කරනවා. මෙම වගා කටයුත්ත සදහා මේ වන විට සෙල්ලකන්දල් හා මුරුක්කුවටවන ප්‍රදේශ වල 50 කට ආසන්න පිරිසක් තෝරා ගෙන ඔවුන් ප්‍රතිලාභින් ලෙස නම් කර ඇති බවද පැවසෙනවා.

”මෙය නැවත වන වගා කිරීමේ කටයුත්තක් ජනතාව සහභාගිත්වයෙන් තමා සිදුවන්නේ මේ අනුව පුත්තලම හා ආණමඩුවේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුට අයත් භුමි වල හෙක්ටයාර් 100 ක නැවත වන වගාව ආරම්භ කරන්න වනජීවි සම්පත් හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය මගින් තමා මෙහි සම්පූර්ණයෙන් මෙහෙයවීම සිදුවන්නේ ඒ අනුව කොහොඹ හා කායා නැවත වන වගාව යටතේ සිදුවනවා” ලෙස පුත්තලම දිසා වන නිළධාරි සරත් කුමාර මහතා කියා සිටියා.

”ඒ අනුව තෝරා ගත් ගොවීන් මෙම භුමි තුළ අදාල වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ලබා දෙන පැල සිටුවීම කරන්න වෙනවා.එයට ගෙවීමක් ලබා දෙනවා ඒ වන වගාව තුළ වසර පහක් යන තුරු යටි වගාවක් ලෙස ගොවීන්ට ඔවුන්ගේ වගාකටයුතු කරන්න අවස්ථාව ලබා දෙනවා” යැයි දිසා වන නිළධාරි වරයා පවසා සිටියා. කෙසේ නමුත් පරිසරවේදි නිතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසා සිටියේ හෙක්ටයාරයකට වැඩි වන එළි පෙහෙලි කිරීමක් සදහා අනිවර්යෙන් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බවයි.

- Advertisement -

More articles

- Advertisement -

Latest article