23 C
Colombo
Tuesday, December 7, 2021

ආදිවාසී නායකයාගේ බිරිඳටත් කොවිඩ්

Must read

දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකුටත් කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝහල්ගත කර තිබෙනවා.

තම බිරිඳ කොවිඩ් රෝගය වැළදුනු බවට තහවුරු වීම හේතුවෙන් මහියංගන රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසන්නේ.

දඹානේ ආදීවාසී ගම්මානය සහ ඒ අවට ජීවත් වන ජනතාව වෙනුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණු බව සෞඛ්‍ය අංශ පවසනවා. ප්‍රදේශයේ පුදගලයන් 115 දෙනකු සදහා පසුගිය 27 වනදා සිදුකළ මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟ විවධ රෝගාබාධ සහිත අය රෝහල් ගතකර ඇති බව පැවසෙනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article