29 C
Colombo
Tuesday, October 19, 2021

ඇමති මහින්දානන්ද ‘කාබනික පොටෑසියම්’ නිකම් පොටෑසියම් කරයි

Must read

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ගේ ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් “මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික, පොටෑසියම් පොහොර තොගය කොළඹ වරායෙන් ගොඩබායි!” යනුවෙන් ඊයේ (13) පවසා තිබුණා. අමාත්‍යවරයා එලෙස ‘කාබනික, පොටෑසියම්’ මෙරට ගෙන්වූ බවට පැවසුවේයැයි ‘ලංකාදීප’ වෙබ් අඩවියද ඊයේ ප. ව. 6.40 ට වාර්තා කළා.

යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න යන මාධ්‍යවේදීන් ‘ලංකාදීප’ වෙබ් අඩවියේ එය වාර්තා කර තිබුණේ ‘රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කළ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 සහිත නැවක් අද (13) කොළඹ වරායට ළගා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසයි’ යනුවෙන්.

කෙසේ වෙතත් මේ ‘කාබනික, පොටෑසියම්’ යන්න පිළිබඳව සහ ඒවා ලිතුවේනියාවේ සිට ආනයනය කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් සිය අදහස් දක්වන්න පටන් ගෙන තිබුණා. ඇතැම් දෙනෙකු සඳහන් කර තිබුණේ ‘ලෝකයේ විශාලතම පොටෑසියම් රසායනික පොහොර නිෂ්පාදකය බෙලාරුස්. ඒවා පිටරට යැවෙන්නේ ලිතුවේනියාව හරහා’ බවයි.

පළමු සටහන

හේතුව කෙසේ වෙතත් “මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික, පොටෑසියම් පොහොර තොගය කොළඹ වරායෙන් ගොඩබායි!” යන ශීර්ෂයන් යුතුව කෘෂිකර්ම අමාත්‍යවරයා තබා තිබු මුල් ෆේස් බුක් සටහන වූ ‘මහ කන්නය සදහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙ.ටොන් 30000ක් අද (13)කොළඹ වරායෙන් ගොඩ බාන ලදි. ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද (13) රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන් ඇත” යන්න ඊට පැය කිහිපයකට පසුව වෙනස් කර තිබෙනවා.

දෙවන සටහන

පැය කිහිපයකට පසු අමාත්‍යවරයා එම සටහන “මහ කන්නයට අවශ්‍ය පළමු කාබනික, පොහොර තොගය කොළඹ වරායෙන් ගොඩබායි!” යන ශීර්ෂයෙන් “මහ කන්නය සදහා අවශ්‍ය කාබනික පොහොර මෙ.ටොන් 30000ක් අද(13)කොළඹ වරායෙන් ගොඩ බාන ලදි. ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද(13) රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරනු ඇත” යනුවෙන් වෙනස් කර තිබුණා.

(අමාත්‍ය මහින්දානන්ද මහතාගේ උපුටා ගත් සටහන් හී ඇතැම් වචන වැරදීම් අප නිවරදි නොකරන ලදී)

- Advertisement -

More articles

- Advertisement -

Latest article