29 C
Colombo
Tuesday, October 19, 2021

ශ්‍රී ලංකාවට පැරාලිම්පික් ලෝක වාර්තාවක්ද සමඟින් රන් පදක්කමක්

Must read

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් නව ලෝක වාර්තාවක්ද පිහිටුවීමට අද(30) සමත්

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරඟය අද(30) උදෑසන පැවැත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු එහිදී මීටර් 67.79ක දක්ෂතාවක් දක්වමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ අනුව ඔහුට එම ඉසව්වේ රන් පදක්කම හිමිවූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පැරලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයක් වනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article