29 C
Colombo
Tuesday, October 19, 2021

01වනදා සිට ඉන්දීය සංචාරකයින්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර

Must read

සැප්තැම්බර් 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි ‘අරුණ’ ට සඳහන් කළේ කොවිඩ් සඳහා සම්පූර්ණයෙන් එන්නත්කරණය කරන ලද ඉන්දියානු ජාතිකයන්ට එළැඹෙන සතියේ සිට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවයි.ඒ අනුව සැප්තැම්බර් 01 වැනිදා සිට කොළඹ සහ ඉන්දියාවේ ගමනාන්ත 03ක් වෙත සංචාරකයන් වෙනුවෙන් ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. සතියකට චෙන්නායි වෙත ගමන් වාර 04ක්, මුම්බායි වෙත ගමන් වාර 03ක් සහ බැංගලෝරය වෙත ගමන් වාර 01ක් වශයෙන් ආරම්භයේදී ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් සැප්තැම්බර් අවසානය වන විට දිල්ලියට තවත් ගුවන් ගමන් 02ක් දක්වා ද වැඩි කිරීමට බලාපොරොත්තුවන බව ද සංචාරක ලේකම්වරයා සඳහන් කළා.

“සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරපු සංචාරකයන්ට විතරයි මේ අනුව ලංකාවට එන්න හැකියාව ලැබෙන්නේ. ඔවුන්ට ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්වෙන්න සිදුවෙනවා. ඒකෙන් ආසදිතයෙක් නොවන බව තහවුරු කෙරෙන පිරිසට රටේ සංචාරය කරන්න පුළුවන්. නමුත් ඔවුන් අනිවාර්යයෙන්ම තරු තුනේ මට්ටම සහ ඊට ඉහළ මට්ටමේ හෝටල්වල නතර විය යුතුයි. දැනට ඔවුන්ට සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මාසයක කාලයක් සඳහා වීසා ලබාදීම සිදුකෙරෙනවා’’ යැයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article