27 C
Colombo
Monday, September 27, 2021

More Video News

Video thumbnail
LIVE : KINIHIRA " ගෝඨාභයට අමතක වූ පාස්කු ගැන අලුත්ම හෙළිදරව්ව " - 26.09.2021
01:07:03
Video thumbnail
"බලශක්ති ක්ෂේත්‍රයේ අයිතිකාරයා තමයි හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරන්නේ " අනුර කුමාර දිසානායක
18:11
Video thumbnail
කෘෂිකර්මාන්තය නංවන්න මහින්ද අයියා පොහොර නිකන් දෙනවා කියූ හැටි ගැන අනුර කියයි
26:43
Video thumbnail
ලංකාවේ ආර්ථික අර්බුදය ගැන අනුර කුමාර දිසානායකගෙන් පැහැදිලි කිරීමක්
05:39
Video thumbnail
LIVE : KINIHIRA " බය වෙන්න එපා . ආණ්ඩුවට සල්ලි තියෙනවා " - 19.09.2021
01:10:02
Video thumbnail
LIVE : KINIHIRA හැමදේම වනසපු ආණ්ඩුවේ සතියක් ! - 12.09.2021
01:11:01
Video thumbnail
LIVE : KINIHIRA සෞඛ්‍ය සේවාවේ සංවේදී කතා ! - 05.09.2021
01:07:24
Video thumbnail
කොරෝනා සමය තුළ මහජන ඒකරාශිවීම්
04:26
Video thumbnail
LIVE : KINIHIRA - 29.08.2021 - අවුරුද්දක ආණ්ඩුවේ ගෝරි ගොඩයි !
01:05:50
Video thumbnail
LIVE : KINIHIRA - 22.08.2021 - මේ ආණ්ඩුවත් බුද්ධි අංශ බිඳලා !
55:20
Video thumbnail
පසුගිය 2021 පෙබරවාරි මස මෙසේ සිදුවිය
04:16
Video thumbnail
LIVE : KINIHIRA - 15.08.2021 - ජනතාව කඩසාප්පු වසයි !!
01:05:36
Video thumbnail
වම් ඉවුරේ මහලේකම්වරයා | ටිල්වින් සිල්වා | 01 TO 01 | EP 23
01:00:14
Video thumbnail
මේකෙන් පුළුල් වෙන්නේ උසස් අධ්‍යාපනය නෙමේ. මෙය සම්පුර්ණයෙන් විකාරසහගත ආයතන පද්ධතියක්
06:30
Video thumbnail
කලාව රසවිදින්න නිරවුල් චින්තනයක් සහිත සීමානොවූ මිනිහෙක් අවශ්‍යයි. ඔහු නැති වුවහොත් පැවැත්මක් නැහැ
05:51

Latest Video News

පෝර්ට් සිටි ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

Must read

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කළ තීන්දුව අනුව කථානායකවරයාට දැනුම්දී තිබෙන කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා. තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18)  ඉදිරිපත් කළ තීරණය අනුව “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම පෝර්ට් සිටි පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය කළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී ඇත්තේ.

කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” එබැවින් ව්‍යවස්ථාවේ 12 (01) වගන්තිය හා අනනුකූල බවයි.

එම වගන්ති සංශෝධනය කිරීම කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

අදාළ තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විතයි.

අප්‍රේල් 19, 20, 21, 22, සහ 23 වන දින වල එම විනිසුරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරතිබූ පෙත්සම් සහ අතරමැදි පෙත්සම් සලකා බැලුවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article