29 C
Colombo
Tuesday, October 19, 2021

ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වීම වැළැක්විය යුතුයි – නරේන්ද්‍ර මෝදි

Must read

ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වීමට ඉඩ නොතැබිය යුතු බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමේ අරමුණීන් පැවැත්වෙන G20 රටවල නායකයින්ගේ සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය තුළ සියලු පාර්ශව නියෝජනය වන පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරිමේ අවශ්‍යතාවය පිළිබඳවද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙහිදි අවධාරණය කර සිටියා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇෆ්ගනිස්ථානය තුළ ආර්ථික ව්‍යසනයක් ඇති විම වැළැක්විමට පියවර ගන්නා බව ලොව ප්‍රධාන ආර්ථිකයන් හිමි G20 රටවල නායකයින් එකඟතාවය පළ කර ඇති බවයි.

කෙසේ වුවද ඇෆ්ගනිස්ථානයට යූරෝ බිලියනයක ආධාර පැකේජයක් ලබා දීමටද යුරෝපා සංගමය මෙහිදී තිරණය කර ඇති බව වාර්තා වනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article