29 C
Colombo
Tuesday, October 19, 2021

අහ්නාෆ් ජසීම් නිදහස් කරනු!

Must read

කවි පොතක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත්අඩංගුවට ගෙන සිටින අහ්නාෆ් ජසීම් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එල්ලවන ජාත්‍යන්තර බලපෑම එන්න එන්නම දැඩි වෙමින් පවතිනවා.

කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් සිරගත කර අවුරුද්දක් පිරෙන දිනයේ මානව හිමිකම් සහ ප්‍රකාශනයේත්, නිර්මානකරණයේත් අයිතිය සඳහා වන ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන සමූහයක්, දේශීය සහ විදේශීය පුද්ගලයන් රැසක් එක්ව ඒකාබද්ධ විරෝධතාවයක් දියත්ව තිබුණා. විරෝධතාකරුවන් සියල්ලම දැඩිව ඉල්ලා සිටින්නේ ඔහු වහාම නිදහස් කරන ලෙසයි.

එසේ නිදහස් නොකරන්නේනම්, සාධාරණ නඩු විභාගයක ඔහුගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්නට ඉඩ සලසා දීම සඳහා කඩිනමින් චෝදනා ගොනු කරන ලෙසයි මෙම කණ්ඩායම් ඉල්ලා තියෙන්නේ. පෙන් ජාත්‍යන්තරය (PEN), ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (AI), ශ්‍රී ලංකාවේ සාමය හා යුක්තිය සඳහා ව්‍යාපාරය (SLC), ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාකාරී සංවිධානය (IWG), ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP), යුක්තිය හා වගවීම සඳහා මධ්‍යස්ථානය (CJA), ජාත්‍යන්තර යුක්තිය සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (ACIJ), ආර්ටිකල් 19, හියුමන් රයිට්ස් වොච් (HRW), IMADR, PEARL, සහ FREEMUSE යන සංවිධාන මෙලෙස ව සම්බන්ධව ආණ්ඩුවට බලකර සිටිනවා.

එමෙන්ම, සිරගත මුස්ලිම් කවියා නඩු නැතිව රඳවා තබා ගැනීමට යොදාගෙන ඇති මානව හිමිකම් උල්ලංඝන කිරීමට මග පාදන, බරපතල දෝෂසහගත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙසද එම සංවිධාන එකතුව පවසනවා.

මෙම කණ්ඩායම් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින් :

http://www.jdslanka.org/s/images/documents/joint_statement_ahnaf_jazeem_sinhala.pdf

- Advertisement -

More articles

- Advertisement -

Latest article