27 C
Colombo
Monday, September 27, 2021

More Video News

Video thumbnail
LIVE : KINIHIRA " ගෝඨාභයට අමතක වූ පාස්කු ගැන අලුත්ම හෙළිදරව්ව " - 26.09.2021
01:07:03
Video thumbnail
"බලශක්ති ක්ෂේත්‍රයේ අයිතිකාරයා තමයි හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරන්නේ " අනුර කුමාර දිසානායක
18:11
Video thumbnail
කෘෂිකර්මාන්තය නංවන්න මහින්ද අයියා පොහොර නිකන් දෙනවා කියූ හැටි ගැන අනුර කියයි
26:43
Video thumbnail
ලංකාවේ ආර්ථික අර්බුදය ගැන අනුර කුමාර දිසානායකගෙන් පැහැදිලි කිරීමක්
05:39
Video thumbnail
LIVE : KINIHIRA " බය වෙන්න එපා . ආණ්ඩුවට සල්ලි තියෙනවා " - 19.09.2021
01:10:02
Video thumbnail
LIVE : KINIHIRA හැමදේම වනසපු ආණ්ඩුවේ සතියක් ! - 12.09.2021
01:11:01
Video thumbnail
LIVE : KINIHIRA සෞඛ්‍ය සේවාවේ සංවේදී කතා ! - 05.09.2021
01:07:24
Video thumbnail
කොරෝනා සමය තුළ මහජන ඒකරාශිවීම්
04:26
Video thumbnail
LIVE : KINIHIRA - 29.08.2021 - අවුරුද්දක ආණ්ඩුවේ ගෝරි ගොඩයි !
01:05:50
Video thumbnail
LIVE : KINIHIRA - 22.08.2021 - මේ ආණ්ඩුවත් බුද්ධි අංශ බිඳලා !
55:20
Video thumbnail
පසුගිය 2021 පෙබරවාරි මස මෙසේ සිදුවිය
04:16
Video thumbnail
LIVE : KINIHIRA - 15.08.2021 - ජනතාව කඩසාප්පු වසයි !!
01:05:36
Video thumbnail
වම් ඉවුරේ මහලේකම්වරයා | ටිල්වින් සිල්වා | 01 TO 01 | EP 23
01:00:14
Video thumbnail
මේකෙන් පුළුල් වෙන්නේ උසස් අධ්‍යාපනය නෙමේ. මෙය සම්පුර්ණයෙන් විකාරසහගත ආයතන පද්ධතියක්
06:30
Video thumbnail
කලාව රසවිදින්න නිරවුල් චින්තනයක් සහිත සීමානොවූ මිනිහෙක් අවශ්‍යයි. ඔහු නැති වුවහොත් පැවැත්මක් නැහැ
05:51

Latest Video News

කොවිඩ් තුන්වන රැල්ල; ශ්‍රී ලංකාව අවදානම්කාරී තැනක

Must read

ගිය වසරේ මුල කොවිඩ් පළමු රැල්ල ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා බුද්ධි අංශ මැදිහත් කර ගන්නා ලදි. ආසාදිතයන් ආගිය තැන්, කාපු බීපු තැන්වල සිටි ආශ්‍රිතයන්  පවා නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යන ලදී. මෙම ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය ඇති වීමත් සමගම ආසාදිතයන්ගේ සංඛ්‍යාවද  අඩුවිය. නමුත් මෙම ක්‍රියාවලිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය තුළින් ආසාදිතයන් හමුවීමත් සමග බිඳ වැටුණි.

මුලින් එය “බ්‍රැන්ඩික්ස් පොකුර” ලෙස මාධ්‍ය මගින් හැඳින්වුව ද ටික දවසකින්ම එහි නම වෙනස් විය. ආණ්ඩුව විසින්ම එය “මිනුවන්ගොඩ පොකුර” ලෙස නාමකරණය කරන ලදී. මීට කලින් පැවති පොකුරු කන්දකාඩු පොකුර, වැලිසර නාවික පොකුර, බණ්ඩාරනායකපුර පොකුර ආදිය වුවද බ්‍රැන්ඩික්ස් පොකුර පමණක් මිනුවන්ගොඩ පොකුර ලෙස වෙනස් විය. එයට හිලව් වන්නට  බ්‍රැන්ඩික්ස් ආයතනයේ අධිපති   අෂ්රොෆ් ඕමාර් සීදුව සිය ඇඟලුම් ආයතනය ඇඳන් 1200ක කොරෝනා මධ්‍යස්ථානයක් සඳහා යුද හමුදාවට ලබා දී ඇත. මුලින් පෑලියගොඩ මාළු වෙළෙඳ පොළ පොකුර ලෙස හැඳින් වූ ආසාදිත පොකුර ද පසුව “පෑලියගොඩ පොකුර” විය. කොරෝනා වෛරසය වෙනස් නොවුවද මිනිස්සුන්ගේ ජන ජීවිතත්, බලධාරීන්ගේ පොකුරු නාමකරණයත් වෙනස් වී ඇත.

ආණ්ඩුවේ නාමකරණය අනුව දැන් ඇත්තේ “අලුත් අවුරුදු පොකුරයි”.  B.1.1.7 බ්‍රිතාන්‍ය නව ප්‍රභේදය නිසා මෙම පොකුර හටගැනීමට හේතුවී ඇත්තේ ආණ්ඩුව පූර්ව ක්‍රියාමාර්ග නොගැනීම හා දැන් මතුව ඇති සෞඛ්‍ය සම්පත් වල හිඟතාවයයි. ලන්ඩනයේ, ගිනිකොන සහ නැගෙනහිර එංගලන්තයේ මෙම නව වෛරස් ප්‍රභේදය හමු වූයේ 2020 දෙසැම්බර් මාසයේදීය. ආචාර්ය චන්දිම ජීවන්දරට අනුව ඊට අමතරව B.1.617  ඉන්දීය ප්‍රභේදය ද මෙරටට ඉන්දියාවෙන් පැමිණි  පුද්ගලයකු තුළින් සොයාගෙන ඇත. මෙම නව ප්‍රභේදයේ  බරපතලකම පිළියන්දල මාහින්දොර ප්‍රදේශයේ 40 හැවිරිදි පලතුරු වෙළෙන්දෙකු වූ ප්‍රමෝද මහේන්ද්‍ර ගේ මරණය තුළින් සිතාගත හැක. මේ සතියේ දිනෙක නිවසට පැමිණ රාත්‍රී ආහාරය ගෙන නින්දට වැටුණු ඔහු මධ්‍යම රාත්‍රියේ අවදිවී වතුර පානය කර ඇති අතර පසුදා උදෑසන වන විට කොරෝනා නිසා මියගොස් ඇත . සැබැවින්ම වසංගතය තුන්වන රැල්ල පැමිණියේ අලුත් අලුත් අවුරුද්දෙන් පසු ව ය. ඒ කාලේ ජනතාවට පිළිපැදීමට කියා මාර්ගෝපදේශන තිබුණේද නැත.

මාස්ක් නොපළඳින අය ඇල්ලීම සඳහා මේ සතියේ පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. ආරක්ෂිත ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීහු සිව් දෙනෙක් එක්ව මුව ආවරණය නිසි ලෙස නො පැළඳි පුද්ගලයන් ඔසවාගෙන යති. ලොක් ඩවුන් කළ ප්‍රදේශ ආසන්නයේ ඇති කඩසාප්පු පවා වැසීමට පොලිසිය බල කර ඇත. අලුත්ගම දර්ගා  නගරය lockdown ප්‍රදේශයක් නොවූවත් එහි කඩසාප්පු වැසීමට පොලිසිය බල කර ඇත.

මේ අතර කොළඹට සැතපුම් 264 ක් දුරින් පිහිටි මඩකලපුව පුනානි  නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයන්ට බෙහෙත් පෙත්තක් බීමට වතුර පවා නොමැත. මෙම මධ්‍යස්ථානය පාලනය කරන්නේ පොලොන්නරුව මූලික රෝහල මගිනි. හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකථන අංක දෙකක් එම මධ්‍යස්ථානයේ සඳහන් කර තිබුණ ද ඒ කිසිදු දුරකථන අංකයක් වැඩ කරන්නේ නැත.

පසුගිය දින 11 තුළ කොවිඩ් ආසාදිතයන් වේගයෙන් ඉහල යමින් පවතී. ඒ අප්‍රේල් 27- 1111, අප්‍රේල් 28-1461, අප්‍රේල් 29-1531, අප්‍රේල් 30 -1662,  මැයි 01-1716, මැයි 2 -1891,  මැයි 3-1923,  මැයි 4-1914 වශයෙනි. මේ අයගෙන් විශාල ප්‍රමාණයක් රෝහල් පහසුකම් නැති නිසා තවම සිටින්නේ තම නිවාසවලය. නිශ්චිත තොරතුරක් නොමැති නිවාසවල මියයන සංඛ්‍යාවක් ද ඇත.

කොවිඩ් සම්බන්ධ සියලු සංඛ්‍යාලේඛන හසුරුවන්නේ හමුදාව විසිනි. මියයන සංඛ්‍යාව, ආසාදිත සංඛ්‍යාව, නිරෝදායනය වන සංඛ්‍යාව, පිටරටෙන් පැමිණි සංඛ්‍යාව ආදී සියලුම සංඛ්‍යාලේඛන ලැබෙන්නේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙතටය. ඔහු විසින් ඉන්පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යවන තොරතුරු මාධ්‍ය විසින් ප්‍රචාරය  කෙරේ. මෙම ඉලක්කම් සෙල්ලම ඇත්තේ තනි පුද්ගලයෙක් අතය.

අනෙක් අතට කොවිඩ් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සඳහා පුද්ගලයෝ රාශියක් වෙති. ඒ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද වෙති. මේ නිසා මහජනතාව තුළ තොරතුරු සම්බන්ධව කිසියම්  අපැහැදිලිතාවයක් හටගෙන ඇත.  ඉන්දියාවේද මීට සමාන තත්ත්වයක් ඇති බව සමහරකුගේ මතය යි.

කෙසේ වෙතත් අනෙක් දුර්වලතාවයන් සියල්ලම තිබියදී සිය විදේශ ප්‍රතිපත්තිය වෘත්තීමය භාවයක් සහිතව ඉන්දියාව විසින් මෙහෙයවන බව නොරහසකි. ලෝකයේ රටවල් 45ක් මේ හදිසි අවස්ථාවේ ඉන්දියාවේ උදව්වට පැමිණියේ ඒ නිසාය. ඇමරිකා එක්සත් ජනපදය තම විශාල ප්‍රවාහන ගුවන් යානා මගින් ඉන්දියාවට oxygen cylinder සපයනු ලැබීය. මෙහි දී ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක්ද ?

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග උපකාර පතා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වෙත ඉල්ලීමක් කළේය. නිව්යෝක් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ජොබ් බයිඩ්න් එන්නත් නොමැති රටවල් සඳහා උපකාර කිරීමේ සූදානම ගැන ලලිත් වීරතුංග මතක් කර ඇත. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසන්නේ එන්නත් ලබාගැනීමට  රටවල් කීපයකින් ඉල්ලීම් කළ බවයි. කෙසේ වෙතත් මෙරටට ලැබුණු එන්නත් ලක්ෂ 12.5 භාවිතා කළේ කිසිදු සැලැස්මකින් තොරව බව පැපැහැදිලිය. කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලබා දිය යුතු බවට වන කිසිදු අදහසක් ආණ්ඩුවට තිබුණේ නැත. කොළඹ මහ නගර  සභා බල ප්‍රදේශයට පවා නොලැබුණු එන්නත දේශපාලන හිතවත්කම් උඩ ලබාගත් අය බොහෝ වෙති.

වේගයෙන් වැඩි වන ආසාදිතයන් සඳහා හමුදාව විසින් ඇඳන් සහ මධ්‍යස්ථාන ඉදි කරනු ලැබේ. නමුත් ඒවා පමණක් ප්‍රමාණවත් නැත. වෛද්‍යවරුන්, හෙදියන් සහ උපකරණ ද අත්‍යවශ්‍යය. කොවිඩ්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පසුවන්නේ තීරණාත්මක තැනක ය.

- Advertisement -

More articles

- Advertisement -

Latest article