23 C
Colombo
Wednesday, December 8, 2021

ඇෆ්ලටොක්සින් හේතුවෙන් එන්ජෝයි වලට තහනමක්

Must read

පිළිකා කාරක ඇතැයි සොයාගන්නා ලද දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගම එදා සිටම කළේ වංචාවක් බවත්, ඔවුන් හොඳ පොල්තෙල් අපනයනය කර බාල පොල්තෙල් ආනයනය කළ බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසනවා.

ඔවුන් විසින් ආනයනය කරන බාල පොල්තෙල් දේශීය වෙළෙඳපොළට නිකුත්කරන බවත්, මේ වසරේ ජනවාරි සිට මේ දක්වා එවැනි ආනයනික පොල්තෙල් කිලෝ ලක්‍ෂ 168 ක් ඔවුන් සතු බවයි ඔහු කියන්නේ. පිළිකාකාරක අඩංගු බවට තහවුරු වී ඇත්තේ එම ආනයනික පොල්තෙල්වල බවත් ඒවා දේශීය නිෂ්පාදනයන් ලෙස ලේබල් ගසා ඔවුන් වෙළෙඳපොළට නිකුත්කර ඇති බවත් බුද්ධික මහතා පවසනවා.මේ අතර ඇෆ්ලටොක්සින් පිළිකා කාරක අඩංගු බවට හඳුනාගත් දේශීය පොල්තෙල් සමාගමක නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත්කර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී තිබෙනවා.

එම සමාගමට අයත් කර්මාන්තශාලාවලින් සාම්පල ලබා ගනිමින් වැඩිදුර පරීක්‍ෂණ සිදු කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබුණා. එහිදී ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය එම පොල්තෙල් සාම්පලවල අඩංගු බවටයි තහවුරු වුණේ.මේ ආයතනය පිළිබඳව විමසීමේදී එම පොල්තෙල් ‘එන්ජෝයි’ වෙළඳ නාමයෙන් නිකුත් වන බවයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසන්නේ.

- Advertisement -

More articles

- Advertisement -

Latest article