23 C
Colombo
Wednesday, December 8, 2021

දුරකථන අංකය වෙනස් නොකර, සේවා සපයන ආයතනය වෙනස් කරන්න නීතිමය අවසර

Must read

සියළුම දුරකථන ග්‍රාහකයින්හට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසනවා.

මේ මොහොතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයාට තමන්ගේ වත්මන් දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව වෙනත් දුරකථන පහසුකම් සපයන සමාගමක් සමග සම්බන්ධවීමට හැකියාව ලැබෙනවා.

විදුලි සංදේශන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ සියලුම තාක්ෂණික කරුණු සපුරා ගැනීමෙන් පසුව මෙම පහසුකම 2022 වර්ෂයේ මාර්තු මාසය වන විට ක්‍රියාත්මක කිරීමට හැකිවෙනු ඇති බවයි.

මෙම ක්‍රියාවලිය සඳහා තාක්ෂණික කරුණු අතින් වැදගත් වෙන සියලුම පාරිභෝගිකයින් ගේ දත්ත ඇතුලත් මධ්‍යම දත්ත ගබඩාවක් සකස් කරන ලෙස සියලුම සේවා සපයන්නන්ට TRCය විසින් දැනුම් දී තිබෙනවා.

ග්‍රාහකයින්ගේ අංක සිතියම් ගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මධ්‍යම දත්ත ගබඩාවක් අවශ්‍ය වන අතර දැනට මෙම පහසුකම ක්‍රියාත්මක රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් ගැන ද අධ්‍යනය කරන බවයි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ.

- Advertisement -

More articles

- Advertisement -

Latest article