29 C
Colombo
Tuesday, October 19, 2021

OPPO අනුග්‍රහයෙන් League of Legends

Must read

තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන OPPO, 2021 League of Legends ලෝක ශූරතාවට අනුග්‍රාහකත්වය දීම සඳහා Riot Games සමඟ හවුල්කාරීත්වයකට එළඹී තිබෙනවා. OPPO මෙවර League of Legends ලෝක ශූරතාවලියේ ‘වටිනාම ක්‍රීඩකයන්’ සඳහා වන සම්මාන පිරිනැමීමට ඉදිරිපත්ව සිටිනවා. තරගාවලියේ විශේෂ අවස්ථා සහ ක්‍රීඩකයන් හා කණ්ඩායම් සමඟ කරන සම්මුඛ සාකච්ඡා විකාශය කිරීමටද OPPO සැලසුම් කර තියෙන බවයි කියන්නේ. මෙය 2019 වසරේදී Riot Games සමඟ OPPO අත්සන් තැබූ බහු වාර්ෂික ගිවිසුමේ එක් අදියරක්.

“Riot Games සමඟ අප ඇති කර ගත් හවුල්කාරීත්වයේ තවත් පියවරක් ඉදිරියට තැබීමට හැකිවීම අපට සතුටක්. ලොව පුරා විද්යුත් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත්වලට තවදුරටත් සමීප වීමට League of Legends අපට අවස්ථාව සලසා දෙනවා” යි OPPO උප සභාපති සහ ගෝලීය අලෙවිකරණ සභාපති විලියම් ලියු මහතා පවසනවා.

“මේ තරගාවලියට අනුග්‍රාහකත්වය දුන් ප‍්‍රථම ස්මාර්ට්ෆෝන් හවුල්කරු ලෙස OPPO දැනටමත් ලොව පුරා විද්යුත් ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකගේ අවධානයකට ලක්වී තිබෙනවා. මෙවර අවසන් තරගය වර්ණවත් කිරීමට OPPO දක්වන දායකත්වය දෙස අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්” යැයි Riot Games හි ගෝලීය විද්යුත් ක්‍රීඩා ප‍්‍රධානි ජෝන් නීඩම් මහතා තම අදහස් දක්වමින් පවසනවා.

‘Make/Break’ යන තේමාව යටතේ මෙවර League of Legends ලෝක ශූරතාවේ අවසන් තරගය පැවැත්වෙනවා. OPPO Find X දුරකතන මාලාවේ සාර්ථකත්වයට පෙරළිකාරි ලෙස දායක වූ වර්ණ බිලියනයකට අධික සංඛ්‍යාවක් දර්ශනය කරවීමේ හැකියාව සහිත Find X3 Pro මාදිලියද එම තේමාවෙහි හරය නිරූපණය කරන්නක් බවයි කියන්නේ. Color Vision Enhancement තාක්ෂණය ඇතුළු සුවිශේෂි අංග රාශියක් ඊට ඇතුළත්. ජංගම දුරකතන භාවිත කරමින් විද්යුත් ක්‍රීඩාවල නිරත වන්නන්ගේ අපේක්ෂාවන් මොනවාද යන්න හොඳින් හඳුනා ගෙන, ඒ අනුව ColorOS හි Gaming Mode ඔස්සේ ඔවුන්ට විශිෂ්ට අත්දැකීමක් දීමට OPPO කටයුතු කරන බව පැවසෙනවා. Gaming Mode හිදි notifications, messages හෝ ඇමතුම් වලින් බාධාවක් නොවී ඔවුන්ට ක්‍රීඩාවේ නිරත විය හැකි බව වාර්තා වෙනවා.

- Advertisement -

More articles

- Advertisement -

Latest article