23 C
Colombo
Tuesday, December 7, 2021

“කොවිඩ් – 19 වෛරසය නිසා ශ්‍රී ලංකාවට සිදු වූ ආර්ථික හානිය බිලියන 1500ක්” – මුදල් අමාත්‍යාංශය ලේකම් එස්. ආර්. ආටිගල

Must read

කොවිඩ් – 19 වෛරසය පැතිරීම නිසා ගතවූ වසරක පමණ කාලයේ දී ශ්‍රී ලංකාවට සිදු වූ ආර්ථික හානිය රුපියල් බිලියන 1500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කරනවා.

එන්නත් මිලදී ගැනීම, සහන සේවා, තාක්ෂණික සේවා සැපයීම, ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථාන නඩත්තුව රජයේ නව වියදම් ලැයිස්තුවට එක් වූ බවද ඒ මහතා සඳහන් කළා. ඊට සාපේක්ෂව රටේ ආර්ථික වර්ධනය අඩාල වී ඇති බවත් 2020වසරේ අපේක්ෂා කළ ආර්ථික වර්ධනය 5%ක් වුනත් ලැබුණු ආර්ථික වර්දනය – 4% බවයි ඔහු කියා සිටින්නේ.

ගෙවුණු කාලයේ දී සංචාරක ආදායම් මෙන්ම සෙසු අපනයන ආදායම් මුලින් ලැබෙන ආදායම පහළ ගිය බවත් පෙන්වා දුන් ඔහු එම සියලූ තත්ත්වයන් මත වෛරස් ව්‍යාප්තිය නිසා ජාතික ආර්ථිකයට මෙතෙක් සිදු වූ හානිය රුපියල් බිලියන 1500ක් පමණ වූ බවයි පෙන්වා දෙන්නේ.

- Advertisement -

More articles

- Advertisement -

Latest article