ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු විස්සයි 20 තරඟය අද (11)

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වනවා.

පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30 ට සිඩ්නිහිදීයි ආරම්භවීමට නියමිත අතර දෙරට අතර තරගාවලියට තරග 5 ක් ඇතුළත් වනවා.

තරගයට පෙර මාධ්‍යය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් රත්නායක පැවසුවේ ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිල මනා සූදානමකින් පසු වන බවයි.

කෙසේ වුවද ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරඟාවලියට එක් වන්නේ වත්මන් විස්සයි 20 ලෝක ශූරයින් ලෙසයි.

POPULAR

Recent articles