අධිභාරයට එරෙහි උද්ඝෝෂණයට කම්කරු ඇමති ගොඩ වෙයි

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) මගින් අයකිරීමට යෝජිත සියයට 25 අධිභාර බද්ද වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය ඊයේ (10) උද්ඝෝෂණයක් පැවැත්වුවා.

ඒ නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී යි.

එම උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විරෝධතාකරුවන් සමඟ කතාබහක නිරත වුණා. අමාත්‍යවරයා අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සමඟ සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගන්නා අයුරු ද දක්නට ලැබුණා.

2020 අප්‍රේල් 01 වැනිදා ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බදු මුදල අයකිරීමට නියමිතයි.

මේවන විටත් එම යෝජිත අධිභාර බද්දට තමන් එකඟ නැතිබව කම්කරු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබෙනවා.

POPULAR

Recent articles