ඇමරිකානු ජනපතිගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

යුක්‍රේනය අක්‍රමණය කළ හොත් රුසියාවේ සිට ජර්මනිය දක්වා දිවෙන නෝඩ් ස්ට්‍රීම් ටූ ගෑස් නළ මාර්ගය වසා දමන බවට ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් යළි අනතුරු අඟවා තිබෙනවා.

ඒ නව ජර්මානු චාන්සලර්රිය වන ඔලෆ් ස්කොල්ස් සමග වොෂින්ටන් නුවරදී පැවති හමුවකදී යි.

කෙසේ වුවද ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මොස්කව් නුවරදී හමුවීමෙන් පසුව ඇමරිකානු හා ජර්මනිය මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක් වනවා.

එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මහා යුද්ධයක් වැළැක්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවයි.

රුසියාව මේ වන විටත් යුක්‍රේන දේශසීමාවේ සිය හමුදා භටයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ස්ථානගතකර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකාව පසුගිය දා ප්‍රකාශ කර සිටියේ පූර්ණ ආක්‍රමණයකට අවශ්‍ය හමුදා භටයින්ගෙන් 70% ක ප්‍රතිශතයක් රුසියාව රැස්කර ඇති බවයි.

POPULAR

Recent articles