උතුරු කොරියාව Cryptocurrency සොරකමක

උතුරු කොරියානු පරිගණක දත්ත සොරුන් (හැකර්වරු) විසින් මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර එම මුදල් උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇති බවට තොරතුරු තමන් සතුව පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කරනු ලැබ ඇති බව පැවසෙනවා.

උතුරු කොරියානු හැකර්වරුන්, උතුරු ඇමරිකාවේ, යුරෝපයේ හා ආසියාවේ පිහිටි ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඇසුරින් මෙසේ මුදල් සොරකම් කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

POPULAR

Recent articles