මැකාවෝහි පාලනය දැඩි කිරීමට චීනය සැරසෙයි

ස්වයංපාලන කලාපයක් ලෙස පාලනය වන මැකාවෝ හි පරිපාලන කටයුතු දැඩි කිරීමට චීනය සූදානම් වන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සදහන් කරන්නේ එහි ආරක්ෂක නීති සංශෝධනය කිරීමටත් ආරක්ෂාව දැඩි කිරීමටත් චීනය සූදානම් වන බවයි.

මැකාවෝ හි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ද කටයුතු කර ඇති අතර එමගින් එහි නියෝජන ක්‍රමය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව බලධාරීන් පවසා තිබෙනවා.

කෙසේ වුවද හොංකොංහි මෙන් නොසන්සුන්කාරී වාතාවරණයත් ඇතිවීම වැළැක්වීම මෙම තීරණයෙහි අරමුණ බව විශේෂඥයන්ගේ අදහස වනවා.

මැකාවෝ පරිපාලනය සදහන් කර ඇත්තේ මේ සදහා දැනටමත් පස්වසරක විශේෂ පරිපාලන සැලැස්මක් සකස් කර ඇති බවයි.

මේ වනවිට, හොංකොං, ටිබෙට් ආදිය මෙන් චීනයේ විශේෂ ස්වයංපාලන කලාපයක් ලෙස පාලනය වන මැකාවෝ 1999 තෙක් පැවතියේ පෘතුගාලයේ කොටසක් ලෙසයි.

POPULAR

Recent articles