ඊශ්‍රායලය ලොව පළමු විදුලි ගුවන් යානය නිපදවයි

සම්පූර්ණ විදුලි බලයෙන් පියාසර කළ හැකි ලොව පළමු වරට නිපදවූ මගී ගුවන් යානය සිය පළමු පියාසැරිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

‘ඇලිස්’ ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය ඊශ්‍රායලයේ නිෂ්පාදනයක් වනවා.

විදුලි මෝටර් රථයක හා ජංගම දුරකතනයක බැටරි තාක්ෂණයට සමාන තාක්ෂණයකින් නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30 ක් ආරෝපණය කිරීම ප්‍රමාණවත්වීම විශේෂත්වයක් වනවා. මගීන් නව දෙනෙකු හා නියමුවන් දෙදෙනෙකු ද සමඟ පැයයි විනාඩි 40 ක පියාසැරියකට එය ප්‍රමාණවත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට පියාසර කරන බෝයිං 737 වැනි ගුවන් යානයක වේගය පැයට සැතපුම් 588 ක් වුවද මෙම ගුවන් යානයේ උපරිම වේගය පැයට සැතපුම් 287 ක් වනවා.

කෙසේ වුවද මගීන් සංඛ්‍යාව 20 සිට 40 දක්වා වැඩි කිරීම ඊශ්‍රායල් සමාගමේ සැලසුම වන අතර මගී ගුවන් යානයක් සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස අදියර දෙකකින් මෙය සංවර්ධන කිරීමටයි නියමිතව තිබෙනවා.

මෙමගින් රැගෙන යා හැකි බර කිලෝග්‍රෑම් 386 ක්.

ගුවන් යානයේ නිෂ්පාදිත ඊශ්‍රායල් සමාගම පවසන්නේ සෙසු වාණිජ ගුවන්යානාවල නඩත්තු හා මෙහෙයුම් පිරිවැයට වඩා මෙම විද්‍යුත් ගුවන් යානයේ පිරිවැය 70% කින් පමණ අඩු බවයි.

POPULAR

Recent articles