ඇමති මාරුව නිසා බැටකන අම්පාරේ ජනතාව‍

ඇමති මාරුව නිසා බැටකන අම්පාරේ ජනතාව‍

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද අම්පාර නාමල්
තලාව නිවාස ව්‍යාපෘතිය මේ වන විට අතරමග නවතා දමා තිබීම
හේතුවෙන් නිවාස සඳහා විවිධ ස්ථානවලින් ණය ලබාගත් ජනතාව
දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා.

නිවාස සෑදීම සඳහා නිවාස අධිකාරිය විසින් ලක්ෂ හයක ණය මුදලක්
ලබා දෙන බවට දුන් පොරොන්දුව මත එම ජනතාව නිවෙස් සෑදීම
ආරම්භ කළද, ආණ්ඩු මාරු වීමත් සමඟ අදාළ ව්‍යාපෘති අතරමග නවතා
දැමුණා.

එම ජනතාව පවසන්නේ නිවාස සෑදීම සඳහා ණය ලබා දෙන බවට දුන්
පොරොන්දුව මෙන්ම එම ගිවිසුමද නිවාස අධිකාරිය හා රජය එක්ව
කඩකර ඇති බවයි.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles