වෘත්තීය සමිති ව්‍යාපාරය අවුස්සගන්න එපා ! ලාල්කාන්තගෙන් ආණ්ඩුවට අවවාදයක් !!

වෘත්තීය සමිති ව්‍යාපාරය අවුස්සගන්න එපා ! ලාල්කාන්තගෙන් ආණ්ඩුවට අවවාදයක් !!

මෙමස රාජ්‍ය සේවක වැටුප රජයට ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ආයාචනයක් යනුවෙන් හඳුන්වා නිකුත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් අද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ ඩී ලාල්කාන්ත මහතා විසින් මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටියා. එහි දී ඔහු දක්වා සිටියේ අදාල ලිපිය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය දැඩි ලෙස විරුද්ධ වන බවයි.

වැටුප් ප්‍රධානය කිරීම රාජ්‍ය ව්‍යුහයේ ඉහළ සිට සිදුවියයුත්තක් බව තවදුරටත් පවසා සිටි ලාල්කාන්ත මහතා බැඳුම්කරවංචාවට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂය සමඟ මහින්ද රාජපක්ෂ මහතාට ඇති සම්බන්ධය ගැන ද මෙහි දී ප්‍රශ්න කර සිටියා.

POPULAR

Recent articles