ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

වසර 5 කට පමණ පසුව උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා .

අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති අතර මේ හේතුවෙන් උතුරු ජපානයේ දුම්රිය මෙහෙයුම් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවලට අනුව උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඉහළින් මෙම අත්හදා බැලීමේ මිසයිලය දියත් කර ඇති බවට වාර්තා වනවා.

මිසයිලය පැසිෆික් සාගරයට පතිත වීමට පෙර තම භූමිය හරහා පියාසර කරන බැවින් ආවරණය වී සිටින්නැයි ජපාන බලධාරීන් එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්ද කර තිබුණා.

ජපානය අවධාරණය කරන්නේ 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් පියාසර කළ පළමු මිසයිලය වන මෙය විනාශ කිරීමට කිසිදු ආරක්ෂක උපක්‍රමයක් භාවිත නොකළ බවයි.

POPULAR

Recent articles