”අනුමැතිය කවදා ලැබෙයිද දන්නේ නෑ” – IMF

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව එම අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෝයර් සහ ශ්‍රී ලංකා දූත ප්‍රධානි මසහීරෝ නොසාකි, සඳහන් කර ඇත්තේ ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම මත එය රඳා පවතින බවයි.

ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

කාර්යමණ්ඩල මට්ටමින් අනුමැතිය ලැබී ඇති ඩොලර් බිලියන 2.9 සඳහා මේ වසරේ දෙසැම්බර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවෙතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ වාර්තාවක් මඟින් පෙන්වා දෙනවා.

POPULAR

Recent articles