වැඩිහිටි දීමනාව අද නොවේ හෙට

රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව මෙතෙක් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

සෑම මාසයකදීම 15 ත් 22 ත් අතර මෙම දීමනාව හිමිවුවත් මෙම මාසයට අදාල දිමනාව මෙතෙක් හිමි නොවු බවත් ඔවුන් පවසනවා.

වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම් ලාබී වැඩිහිටි පිරිසට වැඩිහිටි දීමනාව ලෙස රජය මගින් මාසිකව රුපියල් 2000 ක මුදලක් පරිනමනු ලබනවා.

එම මුදලින් රුපියල් 100 ක මුදලක් අයකරමින් රුපියල් 1900 ක මුදලක් තැපැල් කාර්යාල මගින් සෑම මසකම 15 ත් 22 ත් අතර දිනයන්හීදී විඩිහිටියන් වෙත ලබාදීමට කටයුතු කරනු ලබනවා.

මෙම මාසයට අදාල වැඩිහිටි දීමනාව නොලැබීම සම්බන්ධයෙන් වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ මෙම මස සිට එම දීමනාව සමෘද්ධි බැංකු හරහා ලබා දෙන බවයි.

මෙතෙක් එම මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බවත් හැකි ඉක්මනින් එම මුදල් ලබා දීමට කටයුතු කරන බවත් ඇය තව දුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles