CEYPETCO පිරවුම්හල් පෞද්ගලික අංශයට

එළඹෙන නොවැම්බර් මාසයේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1 250 අතරින් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම සමාගම්වලට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදාහැරීමට හා ඉන්ධන අළෙවි කිරීමට බලය ලබාදීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති සමාගම් 24 න් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයකට අවස්ථාව දීමට නියමිත බව කියා සිටිනවා.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හලින් කොටසක් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැති රැස්විමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

POPULAR

Recent articles