රැජිනගේ දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් විසින් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා තිබෙනවා.

‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවක් වනවා.

මෙය දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විශාලතම දියමන්තිය වන අතර වටිනාම දියමන්තියද වනවා.

යටත් විජිත සමයේ යටත් විජිත පාලකයන් මෙම දියමන්තිය බ්‍රිතාන්‍ය රජ පවුලට පරිත්‍යාග කර ඇති අතර දියමන්තිය ඔටුන්නට සවි කෙරුණේ ඒ අනුවයි.

දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, රැජිනගේ අභාවයෙන් පසු තමන් ‘කලිනන් 1’ දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බ්‍රිතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවයි.

දේශප්‍රේමී ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවටයි.

POPULAR

Recent articles