LGBT+ හිමිකම් වැඩිදියුණු කරන්න 51.4%කගේ සහාය

සමරිසි (LGBT+) පුද්ගලයන්ට දඬුවම් පමුණුවන හෝ ඔවුන් අපරාධකරුවන් කරන නීතිවලට සෑම පුද්ගලයන් 04 දෙනකුගෙන් 03 දෙනකු සහාය නොදක්වන බව මෙරට දී සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ වෙස්ට්මින්ස්ටර් සංසදය (Westminster Forum for Democracy) ඉකුත් වසරේ සම්පූර්ණ කරන ලද සහ මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද මෙම සමීක්ෂණය දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සිදු කර තිබෙන්නක්.

මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ගෙන් 51.4%ක්ම සමරිසි (LGBT+) පුද්ගලයන්ගේ හිමිකම් වැඩිදියුණු කරන නීතිවලට සහාය දක්වන බවයි පවසා ඇත්තේ.

POPULAR

Recent articles