ජපානයේ මිලියන 02කට ඉවත් වීමට නියෝග

ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 02 කට ආසන්න ජනතාවට ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙනුයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට Nanmadol සුළි කුණාටුව දිස්වන ආකාරය.

පැයට කිලෝමීටර 270ක වේගයෙන් සුළි කුණාටුව හමායන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපාන ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, සුළි කුණාටුවෙන් කගෝෂිමා, මියසාකි හා ඒමකුසා නගරවලට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 500ක පමණ වැසි ඇතිවිය හැකි බවට ද පුරෝකථනය කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ සුළි කුණාටුව හේතුවෙන් ඉරිදා හා සඳුදා යන දෙදින ඇතැම් දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වුවද මේ හේතුවෙන් ගුවන් ගමන්වාර රැසක්ද අවලංගු කර තිබෙනවා.

POPULAR

Recent articles